වතු කම්කරුවන්ට දාහේ වැටුප පනතක් ගෙනත් හෝ ලබා දෙනවා...

Bill
By Thaya Mar 15, 2021 08:36 PM GMT
Thaya

Thaya

Report

වතු කම්කරු ජනතාවට රජය ලබාදුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණය ඉදිරියට ගියේ වතු කම්කරු ජනතාවට ලබාදුන් සහනය කම්කරු ජනතාවගේ අතට පත් කිරීම ප්‍රමාද කිරීමට බව කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. නමුත් අධිකරණය රජයේ තීරණයට සාධාරණය ඉටු කරන බවට විශ්වාසයක් පවතින බැවින් යම් කිසි ගැටලුවක් මතු වුණ හොත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් හෝ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කිරීමට රජය ගත් තීරණය යථාර්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

වතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කළේ 2015 දී.නමුත් එය යථාර්ථයක් කිරීමට හැකි වූයේ අපේ රජයටයි.මේ සඳහා සාකච්ඡා වාර 12 ක් පැවැත්වුවත්,සමාගම් වලට සහ වෘත්තීය සමිති වලට එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා අවසානයේ අපට පඩි පාලක සභාවලට යාමට සිදුවුණා.එහිදී වැඩි ඡන්දෙන් ගත් තීරණය ද කඩාකප්පල් කිරීමට වතු සමාගම් කටයුතු කරත් අවසානයේ එය අපට ගැසට් නිවේදනයක් මගින් තහවුරු කර තහවුරුකර වතු ජනතාවට දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා.දැන් ඒකටත් විරුද්ධව වතු සමාගම් අධිකරණය හමුවට ගිහිල්ලා තියනවා.වතු සමාගම් විසි දෙකෙන් වතු සමාගම් දෙකක් මෙම වැටුප ගෙවීමට එකඟ වී ඇත.අධිකරණයට ගොස් ඇත්තේ අනිත් වතු සමාගම් විස්සයි.මෙම වතු අයිති රජයටයි.ජනතාවටයි.මෙම වතු එම සමාගම්වලට දුන්නෙ බද්දට යි.එම නිසා රජයේ තීරණයට යටත්ව කටයුතු කිරීමට එම වතු සමාගම් වලට වගකීමක් තියෙනවා යැයි මත නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අද (15) කම්කරු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේතේ සහ රබර් කර්මාන්ත කර්මාන්තයේ නියුතු සියලු ශ්‍රමිකයන් සඳහා මෙම පඩි පාලක සභාවේ තීන්දුව ක්‍රියාත්මක වන බවය. මෙම මාධ්‍ය හමුවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද සහභාගි වූහ.