පෙම්වතුන්ට සිය පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සැපයීම නතර කෙරේ.

Gossip
By Thaya Feb 04, 2021 07:45 PM GMT
Report

පෙම්වතුන්ට සිය පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සැපයීම සිදුනොකරන බවට සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා.

තම පෙම්වතිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීළඟ ගුවන් යානය සඳහා ලියාපදිංචිවී ඇත්ද යන්න විමසමින් විවිධ පුද්ගලයින් කොන්සල් ජනරාල් කාර්යාලයට දුරකථන ඇමතුම් ලබා දෙමින් සිටින බවට ද මෙහිදී නිවේදනය කර සිටියි.

පෙම්වතුන් පෙම්වතියන් තම තමන්ගේ ගැටළු පුද්ගලික මට්ටමෙන් විසදාගත යුතු බව ද එහි සඳහන්.


Gallery