අධිබලැති පීඩන බෝම්බයක් සහ තවත් බෝම්බයක් හමුවෙයි..
යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ ප්‍රදේශ දෙකකදී අධිබලැති පීඩන බෝම්බයක් සහ අත්බෝම්බයක් 12 දින සොයාගත් බවට පොලීසිය පවසනවා.
කන්කසන්තුරෙයි වීමන්කාමම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකුට අයත් ඉඩමක වලදමා තිබූ අධිබලැති පීඩන බෝම්බයක් මතුවීමෙන් ගෙවතු හිමියා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව කන්කසන්තුරෙයි පොලීසිය අදාල ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගනු ලැබීය.
මේ අතර කන්කසන්තුරෙයි අන්රානිපුරම් මුහුදු වෙරල සීමාවේ මුහුදු වෙරලේ මුහුද යට වලදමා තිබියදී මුහුදු රලට පස් කාදනය වී මතුව තිබූ අත්බෝම්බයක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගනු ලැබීය.
අදාල බෝම්බ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් වලදමන්නට ඇතැයිද පොලීසිය සැක පල කරන අතර මෙම බෝම්බ පිළිබඳව මල්ලාකම් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායෙ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
