රාජගිරියේ දී මිය ගිය පොලිස් නිලධාරියා ගේ දේහය නිවසට

Police
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Report

රාජගිරියේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක‍ෂයට පත් වූ උප පොලිස් පරීක‍ෂණ රංජිත් ප්‍රියංකර මහතාගේ දේහය ඊයේ (23) රාත්‍රියේ ගාල්ල, වලහංදූව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන පැමිණියා.

එහිදී සහෝදර පොලිස් නිලධාරින්, ඥාතීන්, හිතුවතුන් ඇතුලූ ප්‍රදේශවාසින් දේහයට අවසන් ගෞරව පුද කළා. මියගිය උප පොලිස් පරීක‍ෂක රංජිත් ප්‍රියංකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) දින පවුලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

රාජගිරිය, බණ්ඩාරනායකපුර මාර්ගය ආසන්නයේදී ඊයේ අලූයම 4.30ට පමණ සිදු වූ මෙම අනතුරෙන් උප පොලිස් පරීක‍ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු මරණයට පත් වුණා. අදාළ උප පොලිස් පරීක‍ෂකවරයා ඇතුලූ පොලිස් නිලධාරින් කණ්ඩායමක් කුඩා ලොරි රථයක් පරීක‍ෂා කරමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයක් එම ස්ථානයට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මරණයට පත් වුණේ ගාල්ල වලහංදූව බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රියංකර නමැති 57හැවිරිදි එක්දරු පියෙක්.