කිලිනොච්චිය වැවකින් හමුවූ කාන්තා මළසිරුර ඝාතනයක් බවට හෙළි වේ

Police
By Thaya Mar 12, 2021 06:14 PM GMT
Report

කිලිනොච්චි – අම්බාකුලම වැවේ තිබී ඊයේ හමුවූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බව කිලිනොච්චිය රෝහලේ අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැවෙහි මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසක් විසින් මෙම සිරුර සොයා ගෙන තිබූ බවයි. 37 හැවිරිදි මියගිය කාන්තාව කිලිනොච්චියේ කුලී නිවසක පදිංචිව සිටි බව ද අනාවරණ වී තිබෙනවා.