උපකාරක පන්ති ගිය හත් හැවිරිදි පාසල් සිසුවාගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි…

Police
By Thaya Feb 11, 2021 02:31 PM GMT
Thaya

Thaya

Report

වව්නියාව ඕමන්ත පොලිස් වසමේ නව්වි ප්‍රදේශයේ පිහිටි ළිඳක් තුල තිබී හත් හැවිරිදි පාසල් සිසු දරුවෙකුගේ මළ සිරුරක් ඊයේ (09) සවස සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි. අදාල පාසල් සිසුවා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමගින් උපකාර පංතියක් සඳහා ඊයේ (09) සවස ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් සෝදිසි කිරීමෙන් අනතුරුව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසු දරුවා සෙවීමේදී අසල කුඹුරක් ආසන්නයේ පිහිටි ළිඳකට වැටී ඇති බවට අනාවරනය වීමෙන් පසුව දරුවාගේ සිරුර ළිඳෙන් ගෙඩට ගෙන් ඇති අතර ඒ වන විටත් සිසු දරුවා මිය ගොස් සිට ඇති අතර ළිඳට වැටීමට නිස්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.


අදාල සිසු දරුවාගේ පොත්බෑගය සහ වතුර බෝතලය අසල කුඹුරක තිබී සොයාගෙන ඇති අතර මිය ගිය දරුවා සහ මිතරුන් කුඹුරේ සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටී ඇති බවට ප්‍රදේශවාසීණ් සැක පල කර සිටියි. මෙලෙස අවාසනාවන්ත ලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ නව්වි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි පී.අබිසන් නැමති දරුවෙකු වන අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ඕමන්ත පොලීසය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ReeCha