පාසල් සිසුවියකගේ සිරුරක් ජලාශයේ පාවේ..
Police
By Thaya
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුර (12) දින ජලාශයෙන් තිබි ගොඩගත් බව තලවකැලේ පොලිසිය පැවසිය. මෙසේ ගොඩගනු ලැබුවේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි එන්.මෝනිෂා නැමති 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරයි.
එම පාසල් සිසුවිය තලවකැලේ දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් බවත්, (12) දින උදැසන 6.30 ට පමණ නිවසින් පිට වු පාසල් සිසුවිය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැන ඇති බවට ප්‍රදේශවාසින් විසින් දැක ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ. මව සමග ඇති වු සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ ජලාශයට පනින්නට ඇති බවත්,ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය