දුර්ලභ මුහුදු සත්වයකුගේ මළ සිරුරක් නොරොච්චෝල වෙරළෙන් මතුවෙයි.

Sea Creature
By Thaya Mar 06, 2021 06:17 PM GMT
Thaya

Thaya

Report

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය වෙරළ තීරයට ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබේ. අඩි 04ක පමණ දිගින් යුතු මෙම මුහුදු ඌරා අද (06) දින වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත. මෙම ජීවීයා රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ සත්වයෙකු බැව් වන ජීවී දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා සඳහන් කරනවා. මින් පෙර මෙම සත්වයා දැක ඇත්තේ වසර 04කට පෙර එනම් 2017 වසරේදී සංචාරක මග පෙන්වන්නකු වන අතර එහිදී මුහුදු ඌරන් 05 දෙනෙකු පිළිබඳ නිරීක්ෂණය කර තිබිණි. ඉන්පසු මුහුදු ඌරන් පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තාවී තිබී නැහැ.