අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයකුගේ සිරුර හමුවුණ තැන.

Police
By Thaya Mar 30, 2021 06:52 PM GMT
Thaya

Thaya

Report

මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයාගේ සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

සිරුර අද (30) පෙරවරුවේ සොයා ගෙන ඇත.

මේ ආකාරයෙන් මියගොස් තිබෙන ව්‍යාපාරිකයා ගිණිදමන ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු පියකු බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.

මියගිය ව්‍යාපාරිකයා පෙර දින රාත්‍රියේ මනම්පිටිය වැලි සමාගමෙන් වැලි ලබා ගැනිමට තවත් ගෝලයකු සමග පැමිණ ඇති අතර ලොරි රථයේම නින්ද ගොස් ඇති අතර ඔහු උදැසන ලොරි රථයෙන් බිමට වැටි සිටි අයුරු ලොරි සහයකයා දැක තිබේ.

අනතුරුව ලොරි සහයකයා පොලීසිය දැනුවත් කර ඇත. මියගිය ව්‍යාපාරිකයා’ තවත් මිතුරන් පිරිසක් සමග ලොරි රථගාලේම මත්පැන් සාදයක් පැවැත්වු බව සහයකයා පොලීසියට දුන් ප්‍රකාශයේ සඳහන් ය.