බෝගම්බර බස් නැවතුමේ භික්ෂු මළ සිරුරක්

Police
By Thaya Mar 20, 2021 07:26 PM GMT
Report

මහනුවර බෝගම්බර බස් නැවතුම්පොලේ අද දහවල් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මෘත දේහයක් හමුවූ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන බව මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බස් නැවතුම්පොලේ මහජනතාවගෙන් ලැබුණ තොරතුරක් මත ගොස් පරික්ෂා කිරීම සිදු කළ අතර වර්තමාන කොරෝනා තත්ත්වය මත මෙම මළ සිරුර පිළිබඳව වෛද්‍යය උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පැමිණ පපුව රිදෙන බව ප්‍රකාශ කරමින් එම ස්ථානයෙහි අසුන්ගත් බව මෙම ස්ථානයේ සිටි පිරිස අය සඳහන් කර තිබෙනවා. අනතුරුව මේ පිළිබඳ තමන් මහනුවර පොලිසිය දැනුවත් කළ බව ඔවුන් ප්‍රකාශ කළා.

අපවත්වී ඇති ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.