ලේ බැංකුවේ ලේ හිඟයක්.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව රුධිර පාරවිලයන සේවය, අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. ඒ අනුව ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමට යම් සුවිශේෂි ක්‍රියාවලියකට එළඹීමට ජාතික රුධිර පාරවිලයන සේවය තීරණය කර තිබෙන අතර රුධිර දායකයින්ට හා රුධිර කඳවුරු පවත්වන්නන්ට රුධිර සංචිත වැඩිකර ගැනීමට දායක වන ලෙස ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලීමක් කරයි. රුධිර පාරවිලයනය සේවය සතුව තිබෙන රුධිර මධ්‍යස්ථාන 107ක දී අවස්ථාව හිමිවන බව ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
උදෑසන 8 සිට සවස 4දක්වා පැමිණ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව රුධිර දායකත්වය ලබා දීමට හැකියාව පවතින අතර සෞඛ්‍ය රෙගුලාසි අනුකූලව රුධිර කඳවුරක් සංවිධානය කළ හැකි නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගෙන් ලබාගෙන අඩු අවදානම් කලාපවල දී එය සංවිධානය කළ හැකි බව ද ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. රුධිර දායකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ. රුධිර දායකයින්ට වැඩිදුර විස්තර – වෙබ් පිටුව – https://nbts.life