ප්‍රධාන පොලිස් ස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

Police station Biyagama Covide
By Aruna Apr 25, 2021 07:23 AM GMT
Aruna

Aruna

Report

බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.

මේ අතර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි.

එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය.

දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින බවද ඔහු කෙළි කළේය.