ඔන්ලයින් ඕඩර් වලට කාන්තාවන් සැපයූ බියගම මසාජ් ක්ලිනික් එක වටලයි

Massage clinic
By Thaya Jan 13, 2021 06:36 PM GMT
Report

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් පෙරේදා පස්වරුවේ සාර්ථකව වටලා ඇතැයි බියගම පොලිසිය පවසයි.

ඒ සමගම එහි සිටි කළමනාකාරිණිය හා කාන්තාවක අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරික්ෂක අතුකෝරල හා සැරයන් චන්දන (63767) යන නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා මේ වැටලීම සිදු කළ බව පොලිසිය කියයි..