පස්සර බස් අනතුරේ ඩ්‍රයිවර් ගැන ලොකු රහසක් එළියට එයි

Police
By Thaya Apr 01, 2021 08:26 PM GMT
Thaya

Thaya

Report

පස්සර ලුණුගල සිදුවූ මාරක බස් අනතුරේ රියැදුරු සම්බන්ධයෙන් විශේෂ කරුණක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ, එම රියැදුරු වෙනත් රියැදුරකුගේ බලපත්‍රය උපයෝගී කරගෙන බස් රථය ධාවනය කර ඇති බවකි. කලක සිට මෙම රියැදුරු තමන්ට අදාළ නොවන මෙම රියැදුරු බලපත්‍රය භාවිත කොට ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය බස් රථයේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.