පොලිස් වෙසින් පැමිණෙන කොල්ලකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න – පොලිසියෙන් දැනුම්දීමක්
Police
By Thaya
අපරාධ විමර්ශණ නිළධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටින සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් විසින් කොල්ලකෑම් ඇතුලු විවිධ අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාවක් මේදිනවල දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ දහවල් කාලයේදීද මේ ආකාරයෙන් කොල්ලකරුවන් කණ්ඩායම් දෙකක් කතරගම නගරයේ සහ බලපිටිය පාතේගම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකකට පැමිණ ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.
පොලිස් නිළධාරින් බව පවසා පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් එය තහවුරු කරගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අතර නීති විරෝධි ගිණි අවි ඇතුලු අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමද මේදිනවල අඛණ්ඩව සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.