අන්තර්ජාල දැන්වීම් පළ කර ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපිනිය

Police
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Report

අධික මිල ගණන්‌ යටතේ අන්තර්ජාලයේ දැන්වීම්‌ පළකර ගණිකා වෘත්තියේ නියැළී සිටි සුරූපී කාන්තාවක ඊයේ (02 දා) දහවල්‌ අත්‌අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්ව තිබේ. අත්‌අඩංගුවට පත්ව ඇති කාන්තාව මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. පොලිස්‌ කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙසින්‌ යෙදවීමෙන්‌ පසු ඔහුට පානදුර වලාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක්‌ අසලට පැමිණ ඉහළ මිල ගණන්‌ යටතේ පවතින කාමරයක්‌ වෙන්කර ගන්නා ලෙස සැකකාරිය දැනුම්‌ දී තිබේ. ඒ අනුව කාමරය ලබා ගැනීමෙන්‌ පසු උප පොලිස්‌ පරික්ෂක විමංග ගුණවික්‍රම ඇතුළු පොලිස්‌ කණ්ඩායම සැකකාරිය අත්‌අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී නවීන ජංගම දුරකථන 3ක්‌. අධිශක්ති ජනක පානීය බෝතල්‌ 4ක්‌ සොයා ගත්‌ බව ද පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.සැකකාරිය අන්තර්ජාලයේ දැන්වීම්‌ පළ කරමින්‌ තවත්‌ කාන්තාවන්‌ කිහිපදෙනකු සමග එක්ව පැයකටරුපියල්‌ හත්දාස්‌ 7,500ක්‌ වැනි අධික මුදලක්‌ ප්‍රවාහන පහසුකම්‌ සහිතව අය කරමින්‌ පානදුර සහ වාද්දුව ප්‍රදේශයේ සුපිරි හෝටල්වල ජාවාරමේ නියැළී ඇති බවට තහවුරුව ඇතැයි පැවසෙයි. සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතය.