බැරල් සංඛ පෙබරවාරි මස 03 වනදා දක්වා රිමාන්ඩ්

Barrel Sanka
By Thaya Jan 20, 2021 07:33 PM GMT
Thaya

Thaya

Report

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයෙකු වන බැරල් සංඛ පෙබරවාරි මස 03 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගෙන සිටියදී බැරල් සංඛ නැමැත්තා පැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු වසර කිහිපයකට පෙර ඩී.මංජු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ අයෙක්. --------------------

බැරල් සංඛ අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඊයේ (19) පෑලියගොඩ ගැමුණු මාවතේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පෑලියගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අවිපෙන්වා බියගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතය.