ප්‍රධාන රෝහලක කාර්ය මණ්ඩලයට කොරෝනා...රෝගීන්ටත් බෝවෙයි.

Corona Galla Balapitiya Hospital doctors and nurse covid
By Aruna May 02, 2021 08:15 AM GMT
Report

 බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි බලපිටිය රෝහල සඳහන් කළේය.

එමෙන්ම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල නගරය ආශ්‍රිතව ආසාදිතයින් 12ක්, හබරාදූවෙන් 15ක්,ඇල්පිටියෙන් 11ක්, ඉමදූව හා නියාගම ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa