කොළඹ අභිබවා බදුල්ලේකොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහලට
මෙතෙක් දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය අභිබවා බදුල්ල දිස්ත්‍රිකක්යෙන් වාර්තාගත ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ, ගතවූ පැය 24 තුළ දත්ත නිරීක්ෂණය කිරීමේදීයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 116 දෙනෙකු පමණයි. කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඉකුත් ඔක්තොම්බර් 04වනදා සිට ඊයේ දිනය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු දිනක කොරෝනා ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණේ නැහැ.
සමස්ථයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේද ආසාදිතයින් 584 දෙනෙකු පමණයි.බදුල්ල දිස්ත්‍රික්කය යනු මෙතෙක් කොරෝනා ආසාදිතයින් අවම සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක 08 අතරටද ඇතුළත්ව තිබුණා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ අද දිනයේදී විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මක බවයි.