බන්ධනාගාර රැදවියෙකු සමඟ සබදතාවක් ගොඩනගාගෙන කාන්තාවක් කළ නොමනා වැඩේ එළියට
Prison
By Thaya
බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් හෝකන්දර බෝගහවත්ත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි බුද්ධි අංශ කොට්ඨාශය වෙත ඊයේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව සන්තකයේ තිබූ බෑගයක තිබී කුඩු ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් හය ලක්ෂ 3000ක මුදලක් ද සොයා ගැනුණා.
48 හැවිරිදි මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සඳහා අදාළ නිවස භාවිතා කර ඇති අතර ඇයට දෙමටගොඩ මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් ද පවතින බවටයි හෙලි වී ඇත්තේ.