කොවිඩ් ආසාදිත මව බිහි කළ බිලිඳා මියයයි.

Covid-19
By Thaya Feb 18, 2021 07:49 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිත වූ මවක් බිහි කළ සිව්මස් බිලිඳෙකු මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17 වැනිදා) මියගොස් ඇත. මෙම බිලිඳාගේ මවට කොවිඩ් -19 ආසාදිත වී මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම බිලිඳාටද පී.සී.ආර් පරීක්ෂණ දෙකක් කර ඇති අතර එම පීසීආර් පරීක්ෂණ දෙකේදීම තහවුරු වී ඇත්තේ බිලිඳාට කොවිඩ් -19 ආසාදනය වී නොමැති බවය. මොවුන් මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද රෝහල් ප්‍රකාශකයා කීය.