කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර දීම ඇරඹේ.. නාවින්න ආයුර්වේද රෝහලේ රෝගීන් රදවයි
treatment
Ayurvedic
By Thaya
කොරෝනා ආසාදිත රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
නාවින්න ආයුර්වේද රෝහලේ දී මෙම කටයුතු ආරම්භ කරන්නේ යැයි ඒ මහතා පැවැසීය.
මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා සිටි බැවින් දේශීය හෝ ආයුර්වේද ඖෂධ ලබාදීමේදී ගැටලු රාශියක් මතු වූයේ යයිද ඔහු පැවසීය.
මෙසේ රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.