දැරණියගල පාළු පාරකදී එල්ලවූ මැර ප්‍රහාරය : වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට තුවාල
Attack
By Thaya
දැරණියගල ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර දුන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
හොරණ – කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයා තවත් පිරිසක් සමඟ දැරණිගල ප්‍රදේශයට ගොස් ඇත්තේ අසනීප තත්ත්වයේ පසුවූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහායි.
ප්‍රතිකාර ලබාදීම අවසන් කොට යලි නිවෙස් බලා එමින් සිටියදී පාර හරහා කොටයක් දමා මග හරස් කොට රැක සිටි මෙම පිරිස අදාල වෛද්‍යවරයා ඇතුළු පිරිසට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ද අදාළ පුද්ගලයින් පැහැරගෙන ඇති බව සඳහන්.
මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයකට ද ඔවුන් පොලුවලින් පහර දී හානි කර තිබෙනවා