මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි…

Vacsine astraseneca srilanka oxford covid
By Sithumi Apr 16, 2021 11:50 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිත යෙදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවා තිබේ. කොරනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ ඉතිරි එන්නත් තොග ලැබෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි. මේ වන විට මෙරට පුද්ගලයන් ව 925,000 කට පමණ පළමු මාත්‍රාව එන්නත් ලබාදී ඇති අතර තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනහමාරක් පමණ ඉතිරි වී තිබේ. එම එන්නත් තොගය පළමු මාත්‍රාව ලබා ගත් සෞඛ්‍ය අංශයේ සේවකයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය. ඔවුනට දෙවැනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 23 න් පසුව ආරම්භ කරන බව ද ඇමතිවරිය පැවසුවාය. මෙරටට කොරෝනා එන්නත් මාත්‍රා 1,250,000 පමණ ප්‍රමාණයක් මෙරට ලැබී තිබිණි. ඉන්දියාව විසින් එම එන්නත් අපනයනය අත්හිටුවීමක් සමග මෙරට එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය අඩපන වීමට ලක්ව තිබේ