බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට 36 වසරක සිරදඬුවමක්

Police Abuse
By Thaya Mar 09, 2021 05:11 PM GMT
Thaya

Thaya

Report

විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබෙනවා. අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් තුල 2013 වසරේ ජූනි මස 01 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම දරුවා අපයෝජනය වී තිබුණා. එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු බව අධිකරණයේදී අනාවරණය වුයේ.

අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙක් වන අතර වරදකරු විසින් වරින්වර විහාරස්ථානය තුළදීම එම දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත. චිත්‍ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06ක් ගොනු කර තිබුණා. ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ.