යුද හමුදාපතිගෙන් තවත් තහනමක්

covid shavendra silva Helth
By Sithumi May 02, 2021 01:07 PM GMT
Sithumi

Sithumi

Report

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස්වල පැවැත්වීමට කටයුතු කරගෙන යන බවට. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව කුමන ස්ථානයක හෝ කිරීම තහනම් කරන්න හේතු වුණේ රටේ පවතින කොවිඩ් තත්ත්වය මත. යම් අයෙක් එවැනි උත්සව තම නිවසේ පවත්වන කටයුතු කිරීම තුළින් කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.“ මේ අතර, ප්‍රිය සම්භාෂණ හෝ උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now