නීතිවිරෝධී ඛනිජ සම්පත් කැණීම් පිළිබඳ විමර්ශනයට හමුදා නිලධාරියෙක් ....

Army
By Thaya Mar 08, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

නීති විරෝධී අන්දමින් සිදු කරන වැලි, පස් හා කළුගල් කැණීම් සම්බන්ධව දිනෙන් දින ලැබෙන වාර්තා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නව විමර්ශන නිලධාරියෙක් පත් කර තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බල සේනාව හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කර දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් එස්. සී. එස්. දහනායක (විශ්‍රාමික)

මහතා මෙම විශේෂ විමර්ශන නිලධාරියා වශයෙන් පත් කරනු ලැබ ඇත. මෙම නිලධාරියා පසුගිය සතියේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ දී හමු වී අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය. එහිදී අමාත්‍යවරයා නීතිවිරෝධීව සිදු කරන වැලි, පස්, කළුගල් ජාවාරම් සම්බන්ධව තොරතුරු කඩිනමින් ලබා ගන්නා ලෙසත්, එසේ ලබා ගන්නා තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යොදවා ගනිමින් වැටලීම් සිදු කර එවැනි ජාවාරම් මැඩලීම සඳහා කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නේය.