නව කොරෝනා ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ සියල්ල මෙන්න...
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 307දෙනෙකු ඊයේ (14) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ගතවූ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතරට බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 07 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 25දෙනෙකු අයත්ය. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 50 ක් ලෙසය. ඊට අමතරව, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 87,907 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති අතර ඉන් 84,648 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. තවදුරටත් කොවිඩ් ආසාදිතයින් 2,732 දෙනෙකු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණය ද සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 527ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,
