නව කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න.

Covid-19
By Thaya Apr 05, 2021 07:31 PM GMT
Report

ඊයේ (04) මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 141 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 122 දෙනා මෙරටින් හඳුනාගත් ආසාදිතයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය 54කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 31 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වු බව එම නිවේදනයේ සඳහන් විය. මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,435 ක් වන අතර ඉන් පුද්ගලයින් 90,207 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත් වී ඇත.