ඊයේ කොවිඩ් ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ

Covid-19
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිතයින් 272 දෙනෙකු ඊයේ (26) දිනයේ හඳුනාගෙන තිබේ. ඉන් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.

සෙසු ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹින් ආසාදිතයින් 55ක්, ගම්පහින් ආසාදිතයින් 40ක් සහ යාපනයෙන් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරට අයත්ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 91,561 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින්ගෙන් 88,145 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවය.

තවත් ආසාදිතයින් 2,858 දෙනෙකු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

තවත් කොවිඩ් මරණයක් ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 558 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදි පුද්ගලයින් 14 , 455 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී තිබේ.

ඒ අනුව මෙරට පුද්ගලයින් 884,164 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී අවසන් ය.