ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ - එක් දිස්ත්‍රික්කයකින් ආසාදිතයින් 31ක්
කොවිඩ්-19 දෙවන රැල්ල ආරම්භයත් සමඟ බස්නාහිර පළාතෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 55,000සේ සීමාවට ළඟා වී තිබේ. ඊයේ (19) දිනයේ ද විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 24 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,497කි ඒ අනුව, ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 66කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 125ක් වේ.
ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 4 වනදා සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 54,825ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. මීට අමතරව ඊයේ දිනයේදී තවත් දිස්ත්‍රික්ක 18 කින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 39ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 31ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 18ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 16ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 14ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. කුරුණෑගල, මාතර, අම්පාර, මඩකලපුව, හම්බන්තොට, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කිළිනොච්චි, කෑගල්ල, පොළොන්නරුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වී තිබේ.