ඊයේ දිනයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

Covid-19
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිතයින් 211 දෙනෙකු ඊයේ (02) දිනය තුළ හඳුනාගෙන තිබුණි. ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 28 දෙනෙකු ද අයත්ය. ඉතිරි පුද්ගලයින් 183 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 35 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ මේ දක්වා බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 56,508කි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 93,128 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත. මෙරටදී සුවය ලැබූ සමත්ස ආසාදිතයින් සංඛ්‍යාව 89,701කි. වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන්නේ සමස්ත ආසාදිතයින්ගෙන් 2,856 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. කොවිඩ් ආසාදනයවිමෙන් මේ වනවිට මෙරට පුද්ගලයින් 571 දෙනෙකු මියගොස් තිබේ.