ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 304 හමුවුණ ප්‍රදේශ.
නව ආසාදිතයින් 304 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,343ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 283 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 5 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 16 දෙනෙකු මේ අතර වනවා. ඊයේ නව මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියා. අවුරුදු 57ත්, 81ක් අතර වයස්වල පසුවන අකුරණ, රාගම, හොරපේ සහ උඩුවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ අනුව ආසාදිතයින් 3079ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 82,763ක්. එමෙන්ම, මේ වනවිට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් හත්ලක්ෂ 43,775 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 81 ලක්ෂ 36,603 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26 ලක්ෂ 20,788ක් ලෙසයි.