නව කොරෝනා ආසාදිතයින් 211 වාර්තා වූ ප්‍රදේශ මෙන්න.

Covid-19 Jaffna Galle Hambantota Gampaha
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 211 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව එම සංඛ්‍යාව 70 ක්. මීට අමතරව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

ගම්පහ 25 යාපනය 23 මාතර 12 හම්බන්තොට 12 ත්‍රිකුණාමලය 09 මාතලේ 08 නුවරඑළිය 08 ගාල්ල 07 අනුරාධපුර 05 කලුතර 04 කෑගල්ල 03 මහනුවර 02 රත්නපුර 02 කුරුණෑගල 02 අම්පාර 02 මඩකලපුව 01 මොනරාගල 01 පුත්තලම 01

ඊට අමතරව විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙක් ද අයත්. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 03 ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගියා. කටුගස්තොට පදිංචි 80 හැවිරිදි කාන්තාවක්, ඇහැළියගොඩ පදිංචි 80 හැවිරිදි පිරිමි අයෙක් සහ පානදුර පදිංචි 85 හැවිරිදි පිරිමි අයෙකුයි එලෙස මියගොස් තිබුණේ.