අද මි.මී 100 ඉක්මවු අධික වැසි ඇති වන ප්‍රදේශ මෙන්න.

Weather
By Thaya Apr 08, 2021 06:03 PM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවතින බවය. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ. අද (08) දින දහවල් 12.12ට බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.