පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

Report

 2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත.

 විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන 21 වෙනිදා දක්වා ඒවා මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළ හැකි බවයි.

තවද අදාළ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ නිල ජංගම දුරකථන යෙදවුම් හරහා යොමු කළ හැකිය.

එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර හර පතක්, ණය පතක් භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

  මුදල් ගෙවීමේදී අයදුම්කරු විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය ඉදිරිපත් කළ යුතුව ඇත.

මුදල් ගෙවීමෙන් අනතුරුව ලබා දුන් ජංගම දුරකතන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් වන බැවින් මුදල් ගෙවන ආකාරය තෝරා ගැනීමට පෙර නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සියලු විෂයන් තෝරාගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි

''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි

ඒ වගේම මුදල් ගෙවීමෙන් අනතුරුව අයදුම්පත PDF ක්‍රමයට භාගත කරගෙන පරිවේණාධිපති/ප්‍රධානාචාර්ය නිර්දේශය සහිතව විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග ඇගයීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපියට යොමු කළ යුතුය.

ඒ වගේම තව දුරටත් විභාග දෙපාර්තුමෙන්තුව අවධාරණය කරනු ලබන්නේ නැවත සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය සියලු විෂයන් සහිත නිවැරදි අයදුම්පත ඉදිරිපත් කිරීමට අයදුම්කරුගේ වගකීම වන බවයි.

අදාළ ගාස්තු ගෙවා නොමැති අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවත් අයදුම්පත සඳහා ගෙවා ඇති ගාස්තු ගෙවා ඇති ගාස්තු ආපසු නො‌ගෙවන බවත් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි .

රුපියල ස්ථාවරව පවතින අද ඩොලරයේ මිල ගණන්

රුපියල ස්ථාවරව පවතින අද ඩොලරයේ මිල ගණන්

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 - 27 85 105 හෝ 011 27 86 235 යන අංකවලින් ලබා ගැනීමේ හැකියාව පවතී .