‘ප‍්‍රජා අයිතිය රෝල් කරල XX ගහගන්න’ අනුර ජනපතිට කියයි.

Gotabhaya Rajapaksa Anura Kumara Dissanayaka
By Thaya Feb 06, 2021 06:47 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැකිල්ලේ කොමිසමෙන් තම ප්‍රජා අයිතිය අහෝසි කළද තම දේශපාලන කටයුතු නතර නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී තනතුරක බලයෙන් දේශපාලනය නොකරන බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු යයිද ඔහු පෙන්වාදෙයි. ‘ප‍්‍රජා රෝල් කරල XX ගහගන්න’ යයිද ඔහු ජනාධිපතිවරයාට යෝජනා කලේය. එම පක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ජවිපෙ විසිවන් මෙහෙයවන පුවත් අඩවියක් මේ බව වාර්තා කර ඇත.