මෙරට “ඇස්ට්‍රාසෙනෙකා” එන්නත දුන් පිරිසගේ ප්‍රතිදේහ වර්ධනය ගැන හෙළි වූ දේ

Covid-19
By Thaya Mar 30, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

ස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් සියයට 93 කගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිත ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මෙරටදී එන්නත් ලබාගත් පළමු කණ්ඩායම වන සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල ඇසුරින් කළ පරීක්ෂණවලට අනුව මේ තත්ත්වය හෙළිවූ බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ. කොවිඩ් සඳහා ප්‍රතිශක්තිය වර්ධනය වීමට නම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.