කොවිඩ් දේහ භූමදානය කළ හැකි තවත් තැනක් - තව ප්‍රදේශයක් ගැනත් කඩිනමින් තීන්දුවක්

Covid-19
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Thaya

Thaya

Report

අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකද කොවිඩ් ආසාදිත දේහ භූමදාන කළ හැකි බවට වූ නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගියාහ් ලතා මහතා අද දෙරණට සඳහන් කළේය. කෙසේවෙතත් කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා මීට පෙර ඉරණතිව් දූපත තෝරාගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්ත්වයට එළැඹෙන සදුඳාට පෙර කැබිනට් මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චියේදී ප්‍රකාශකර තිබුණි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවලදී ඉරණතිව් දූපතේ දේහයන් භූමදානය නුසුදුසු බව පෙන්වා දුන් බවය. එම ප්‍රදේශයේ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රටට ලබාදෙන මුහුදු කූඩැල්ලන් අපනයන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නිසා මෙම දූපත වෙනුවට විකල්ප දූපත් කිහිපයක්ම තමා විසින් පෙන්වා දුන් බව ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.