අද මෙරටින් තවත් භූ කම්පනයක්.
Weather
By Thaya
මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබෙනවා. අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ණෂ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ. එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවත් ඒ මහතා පවසයි. මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ගම්මානය ආශ්‍රිතව භූ චලනයන් ඇතිව තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.