අමෙරිකාවෙන් තවත් මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

Covid-19
By Thaya Feb 23, 2021 05:17 PM GMT
Report

ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවි තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක්වූ, වඩාත් මාරාන්තික නව කොවිඩ් වෛරසය මෙලෙස හඳුනාගෙන ඇත. මෙලෙස හමුවූ නව වෛරසය ප්‍රභේදය දෙමුහුන් වෛරසයක් ලෙසින් නම්කර ඇති අතර විද්‍යාඥයින්ගේ මතය වන්නේ, වෛරස ප්‍රභේද ද්විත්වයේ ජාන එකිනෙක මිශ්‍රවීමෙන් මෙසේ නව දෙමුහුන් ප්‍රභේදය හටගෙන ඇති බවය.එමෙන්ම එම වෛරසය එන්නත් සඳහාද අඩු ප්‍රතිචාර දක්වන බව විශේඥයින් පවසයි. මෙම වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ, කැලිෆෝනියාවේ වෛරස ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකිනි