කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් තවත් කොරෝනා පොකුරක්!!..

Covid-19
By Thaya Mar 13, 2021 07:04 PM GMT
Thaya

Thaya

Report

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (12) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ නව ආසාදතයින් 69 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර ඊයේ දිනයේ දී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 297 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් හය දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ ආශ්‍රිතයින් 236 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ. ඊට අමතරව බන්ධනාගාර කොවිඩ් -19 පොකුරේ ආශ්‍රිතයින් 55 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 87,286ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 83,958 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 2,803 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.