පස්සර බස් අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තවත් මාරක අනතුරක්

Accident
By Thaya Mar 22, 2021 05:10 PM GMT
Report

පස්සර – මොණරාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පස්සර – බදුල්ල මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්ව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ස්ථානයට කිලෝමීටර 05ක් පමණ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොණරාගල දෙස සිට පස්සර දෙසට පැමිණි ලොරි රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ