බස්නාහිර පළාතේ පාසැල් වල සියළුම ශ්‍රේණි ඇරඹෙන දිනය දැනුම් දෙයි
Education
Western Province
By Thaya
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි.බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණා. සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.
