ධීවරයින්ට නිවේදනයක්

covid 19 fishermen indians sea border daglas dewanandha
By Sewvandhi Apr 30, 2021 01:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍යයු ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඉන්දියාවේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

උතුරේ ධිවර ජනතාවගේ ඥාතීන් හා හිතවතුන් විශාල වශයෙන් ඉන්දියාව තුළ වාසය කිරීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේදී ධිවරයින් ඉන්දීය ධීවරයින් සමඟ සබඳතා පැවැත්වීම, ගනුදෙනු කිරීම සහ භාණ්ඩ හුවමාරු කර ගැනිම සිදුවන බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එමෙන්ම ඉන්දියාවේ සිට නීති විරෝධි භාණ්ඩ ගෙන ඒමට ධිවරයින් යොමු වූ අවස්ථා ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පවසයි.

පවතින අවාදනම සැලකිල්ලට ගනිමින් මෙවැනි කටයුතුවලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ධිවර කටයුතුවල නිරත වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙරට ධිවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම්දෙයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now