ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගන්නා බැංකු ගැන විමර්ශනයක්

Bank
By Thaya Feb 06, 2021 06:47 PM GMT
Thaya

Thaya

Report

ඇතැම් බැංකු විසින් ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගැනීමේ සිදුවීම් පිළිබඳ සොයාබලා ඊට එරෙහිව දැඩි පියවරගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඇතැම් බැංකු ක්‍රියාත්මක කරන වැරදි තීරණ සඳහා ඉඩ නොදීමට ඉදිරියේදී නීතිරීති කිහිපයක්ම යෝජනා කිරීමට තමා බලාපොරොත්තුවන බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

“ගිණුම් හිමියන්ගේ වැටුප්වලින් නොදන්වා මුදල් අයකරගැනීම් සිදුවෙනවා නම් එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ගිණුමකින් සතයක්වත් ගන්න බෑ, ඒ අයට දැනුම්දෙන්නේ නැතුව. මම දන්නවා සමහර තැන්වලදී ඒ වගේ දේවල් සිදුවෙලා තියෙනවා. ඒ දේවල්වලට අපි විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඉදිරියේදී මම යෝජනා කරන්නත් යනවා යම්යම් ආකාරයට පොලී අනුපාතය වෙනස් ආකාරයට වැඩි කරන්නැති වෙන්න, මොකද සමහර අය කියනවා වෙලාවට ගෙව්වෙ නැති නිසා 3%කින් වැඩි කරනවා කියලා වගේ දේවල්. ඒ වගේ දේවල් වැරැදියි. ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නෑ. ඒ තැන්වලට අවශ්‍ය නීතිරීති ගේන්න අපි බලාපොරොත්තුවෙනවා.”