"දුමින්ද සිල්වාට සිදුවුණේ අසාධාරණයක්"ජනාධිපති සමාවෙන් නිදහස් කරන්නැයි ඉල්ලීමක්

Duminda Silva
By Thaya Mar 22, 2021 05:07 PM GMT
Thaya

Thaya

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

දුමින්ද සිල්වාට සාධාරණයක් සිදු නොවුණු බව ඉතා පැහැදිලිව බවද ඔහු පවසයි.

නඩු තීන්දුව ලබාදීමට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පද්මිණි රණවක විනිසුරුවරිය සාකච්ඡා කළ හඬපට විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද පැවසූ ඔහු දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය ගැන රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අත්සන් තැබූ ලිපියක් මගින් ජනාධිපති සමාව මගින් හෝ ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවද සදහන් කලේය.