මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගේ නිවසට ප්‍රහාරයක්?..

Harin Fernando
By Thaya Jan 13, 2021 06:33 PM GMT
Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් එම ප්‍රවෘත්තිය අසත්‍ය බව හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එය කට කතාවක් මිස කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා විසින් නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසා තමන්ට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමුක සියලුම දෙනාට ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කරයි.