නිවාස ලක්ෂ 30කට විදුලිය දෙන්න කෘතිම බලාගාරයක්...විශාලත්වය පාපන්දු ක්‍රීඩාංගන 18ක්.

Electricity
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

නිවාස තිස් ලක්ෂයක් සඳහා විදුලි බලය ලබා දිය හැකි සුවිශාල කෘතීම බලාගාර දූපතක් ඩෙන්මාර්ක් රාජ්‍යය විසින් උතුරු මුහුදේ ඉදිකිරීමට යයි. මෙය ලොව මේ ආකාරයේ ප්‍රථම බලශක්ති දූපතයි.

වර්ග මීටර් 120,000 ක විශාලත්වයෙන් යුත් මෙය පාපන්දු ක්‍රීඩාංගන 18 ක ප්‍රමාණයකින් යුක්තවේ. මෙය මීට වඩා තුන්ගුනයක විශාලත්වයෙන් ඉදිකිරීමටද මේ වන විට සලකා බැලෙමින් පවතී.ඩෙන්මාර්ක් ඉතිහාසයේ විශාලතම ඉදිකිරීම වන මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 34 ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

ගොඩබිම සිට කිලෝමීටර් 80 ක දුරකින් ඉදිකෙරෙන මෙම දූපතේ හිමිකමෙන් අඩක් ඩෙන්මාර්ක් රජයට අයත් වන අතර ඉතිරි අඩ පුද්ගලික අංශයට අයත්වේ.

මෙම දූපත මගින් ඩෙන්මාර්ක් වැසියන්ට පමණක් නොව අසල ඇති සෙසු රටවල් වලටද මේ මගින් විදුලිය සැපයීමට නියමිතය. මේ මගින් එරට පරිසර දුෂණය තවදුරටත් විශාල ලෙස අඩු කරගත හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.