දිස්ත්‍රික්ක 6ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Meteerological
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Thaya

Thaya

Report

උණුසුම් කාලගුණ තත්ත්වක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම “වැඩි අවධානයක්“ යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය. මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.